Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 9:37 - Sinhala New Revised Version 2018

37 මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ “යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 මේ යෙසෙබෙල්යයි කියන්ට බැරිවන ලෙස යෙසෙබෙල්ගේ මළකඳ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේය කියා කීසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:37
14 හුවමාරු යොමු  

ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක. ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.


ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව. ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.


මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.


කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”


සමිඳාණන් වහන්සේ විසින් මරනු ලබන අය ඒ දවසේ දී පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. ඔවුන් ගැන වැලපෙන්නට කිසිවෙක් නොවෙති; වළලනු පිණිස ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට කිසිවෙක් නොසිටිති. ඒවා භූමිය මතු පිට කසළ මෙන් විසිරී තිබෙනු ඇත.


එවිට නිලධාරීහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයි පොත තබා රජු ළඟට මළුවට ගොස් රජු අසා සිටිය දී ඒ සියලු වචන කීවෝ ය.


“ඒ කාලයේ දී ජුදා රජවරුන්ගේත්, අධිපතීන්ගේත්, පූජකයන්ගේත්, දිවැසිවරුන්ගේත්, ජෙරුසලම් වැසියන්ගේත් ඇටකටු සොහොන් ගෙවලින් එළියට ගෙනෙනු ලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඒ ඇටකටු, ඒ අය ප්‍රේම කොට සේවය කළ, පසුපස ගොස් පේන අසා නමස්කාර කළ, ඉරත් සඳත් අහසේ සෙසු ආකාශ වස්තුත් ඉදිරියේ අතුරා තබනු ඇත. ඒවා එකතු කොට වළලනු වෙනුවට, පොළොව මතුපිට කසළ වන්නේ ය.


මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”


ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්