Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 9:21 - Sinhala New Revised Version 2018

21 ජෝරාම් ද කතා කොට, “රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජෝරාම් ද කතා කොට, “රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 යෝරාම්ද: රථය සූදානම්කරන්නැයි කීවේය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝය. ඉශ්‍රායෙල් රජවූ යෝරාම්ද යූදාහි රජවූ අහසියාද තම තමාගේ රථයට නැගී පිටත්වී යේහුගේ පෙරමගට ගොස්, යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසේදී ඔහුට සම්මුඛවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:21
7 හුවමාරු යොමු  

ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය.


ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.


අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.


මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජතුමන් වෙත දූතයන් යවමින් මෙසේ සැළ කෙළේ ය: “ඔබේ සගයන් වන ඉශ්රායෙල්වරුන් මෙසේ දන්වනු ඇත. අපට මූණපාන්නට වූ දුක් කරදර සියල්ල ම ඔබ දන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්