Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:13 - Sinhala New Revised Version 2018

13 එවිට ඔව්හු ඉක්මන් ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩි පෙළ මත එළා හොරණෑ පිඹ, “ජේහු දැන් රජ යැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට ඔව්හු ඉක්මන් ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩි පෙළ මත එළා හොරණෑ පිඹ, “ජේහු දැන් රජ යැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:13
12 හුවමාරු යොමු  

ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ‍ ය.


එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.


හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.


එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, “ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය.


“අපි එය නොදනිමු. අපට එය කියන්නැ”යි ඔව්හු කී හ. ඔහු කතා කොට, “ ‘මම ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස නුඹ අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි මේ හැටියට මට කීවේ ය”යි දැන්වී ය.


මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.


ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.


උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මඟ එලා ලූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්