Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 7:8 - Sinhala New Revised Version 2018

8 ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමිණි විට, ඔව්හු එක් කූඩාරමකට ඇතුළු වී කා බී, එතැනින් රන්, රිදී හා වස්ත්‍ර රැගෙන ගොස්, සඟවා තබා, නැවත හැරී අවුත්, වෙන කූඩාරමකට ඇතුළු වී, එතැනිනුත් ඒවා රැගෙන ගොස් සඟවා තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමිණි විට, ඔව්හු එක් කූඩාරමකට ඇතුළු වී කා බී, එතැනින් රන් රිදී වස්ත්‍ර රැගෙන ගොස්, සඟවා තබා, නැවත හැරී අවුත්, වෙන කූඩාරමකට ඇතුළු වී, එතැනිනුත් ඒවා රැගෙන ගොස් සඟවා තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඒ කුෂ්ඨරෝගීන් කඳවුරේ සීමාවට පැමුණුණ විට ඔව්හු එක් කූඩාරමකට ඇතුල්වී කා බී, එතනින් රන් රිදී සහ වස්ත්‍ර රැගෙන ගොස් සඟවා තබා, නැවත හැරී ඇවිත් වෙන කූඩාරමකට ඇතුල්වී, එතැනිනුත් රැගෙන ගොස් සඟවා තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 7:8
7 හුවමාරු යොමු  

හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා, ඒ මනුෂ්‍යයන් යන්න හැරියේ ය. ඔව්හු ද යන්නට ගියෝ ය.


එවිට කුෂ්ඨ රෝගීහු සතරදෙන එකිනෙකාට කතා කොට, “අප කරන දේ හරි නැත. අද දවස හොඳ‍ ආරංචි ඇති දවසක් ව තිබෙද්දී අපි නිශ්ශබ්ද ව සිටිමු. උදය එළි වන තුරු ප්‍රමාද වුණොත් අපට වරද පැමිණෙයි. ඒ නිසා එන්න, අපි රජ ගෙදරට මෙපවත් දන්වමු”යි කී හ.


රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.


එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, “අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය.


“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.


එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය.


කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්