Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 7:16 - Sinhala New Revised Version 2018

16 සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 සෙනඟ ගොස් සිරියවරුන්ගේ කඳවුර කොල්ල කෑවෝය. මෙසේ ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ෂෙකෙලයකට සිහින් පිටි නැළියක්ද ෂෙකෙලයකට යව නැළි දෙකක්ද විකිණෙන්ට යෙදුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 7:16
14 හුවමාරු යොමු  

එවිට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය.


ඔව්හු ඔවුන් පස්සේ ජොර්දාන් ගඟ දක්වා ගියහ. සිරියන්වරුන් ඉක්මනින් පලා යද්දී විසිකළ වස්ත්‍රවලින් හා භාජනවලින් මාවත දිගට ම පිරී තිබිණි. පණිවුඩකාරයෝ හැරී අවුත් රජුට එපවත් දැන්නුවෝ ය.


ජෙහෝෂාපාට් ද ඔහුගේ සෙනඟ ද ඔවුන්ගෙන් කොල්ලය ගන්න ආ කල, ගවයන් ද වස්තුව ද වස්ත්‍ර ද අනර්ඝ බඩු ද ඔවුන්ට සම්බ විය. ගෙනයන්න බැරි තරමට ඔව්හු ඒවා එකතු කරගත්තෝ ය. කොල්ලය අධික බැවින් ඔව්හු තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියහ.


රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;


බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය. ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය. අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.


කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.


රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.


දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.


මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.


දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”


ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්