Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 3:11 - Sinhala New Revised Version 2018

11 ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, “අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, “එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, “අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, “එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:11
27 හුවමාරු යොමු  

එහෙත්, ජෙහෝෂාපාට්, “අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ තව දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය.


එවිට එලියා වෙතින් එලිෂා හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර, උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේ ය. ඔව්හු ද එය කෑවෝ‍ ය. පසු ව එලිෂා නැඟිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කෙළේ ය.


එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.


මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.


අපට අනාගතයක් නැත; දිවැසිවරයෙක් ද අපට නැත; මේ තත්ත්වය කොපමණ කල් පවතී දැ යි දන්න කෙනෙක් ද නැත.


පළමු වතාවේ දී එය ගෙනා අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද, නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙවුවෙමු”යි කීවේ ය.


දාවිත් නැවත දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. දෙවියන් වහන්සේ ද උත්තර දෙමින්, “නුඹ ඔවුන් පස්සේ නොගොස්, ඔවුන් වෙතින් හැරී වටකරින් ගොස්, ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් සමඟ සටනට යන්න.


දාවිත් කතා කොට, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක් ද?” කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම ඔවුන් නුඹේ අතට පාවා දෙමි”යි ඔහුට වදාළ සේක.


සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.


ඔහු එතැනින් කර්මෙල් කන්දට ගොස් එතැනින් සමාරියට හැරී ආවේ ය.


ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.


ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය.


තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රධානීහු සමිඳාණන් වහන්සේගේ අවවාද නොවිචාරා ඔවුන්ගේ ආහාර කෑවෝ ය.


සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක:


මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.


එවිට ඉශ්රායෙල් රජ, “අහෝ! සමිඳාණන් වහන්සේ මේ රජුන් තුන්දෙනා වන අප, මෝවබ් රජුගේ අතට පාවා දෙන්නට ගෙන්වූ සේකැ”යි කී ය.


ජෙහෝෂාපාට් කතා කොට, “ඔහු සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පවත්වන්නේ ය”යි කී ය. මෙසේ ඉශ්රායෙල් රජ ද ජෙහෝෂාපාට් ද ඒදොම්හි රජ ද ඔහු ළඟට ගියහ.


“සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය.


එහෙත්, ජෙහෝෂාපාට් කතා කොට, “මොවුන් හැර අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ වෙන දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්