Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 22:15 - Sinhala New Revised Version 2018

15 ඈ ඔවුන් අමතා, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඈ ඔවුන් අමතා, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්හි දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 22:15
6 හුවමාරු යොමු  

සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?


ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.


ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.


එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.


මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.


“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්