Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 13:1 - Sinhala New Revised Version 2018

1 අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අහසියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෝවාෂ්ගේ විසිතුන්වෙනි අවුරුද්දේ යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් සමාරියේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දහහත් අවුරුද්දක් රජකම් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:1
10 හුවමාරු යොමු  

ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.


සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට,


අහසියා විසිදෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම අතලියා ය. ඈ ඉශ්රායෙල් රජු වූ ඔම්රිගේ දුවක් ය.


ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින් ඉශ්රායෙල්වරුන්ට පව් කිරීමට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නොවී සිටියේ ය.


සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.


ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.


ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.


මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්