Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 පේත්‍රැස් 2:8 - Sinhala New Revised Version 2018

8 ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 (මේ ධර්මිෂ්ඨ මිනිසා ඔවුන් අතරේ දිනෙන් දින දිවි ගෙවමින්, ඔහු ඇසූ දුටු ඔවුන්ගේ නොපනත්කම් නිසා තම ධර්මිෂ්ඨ ආත්මයෙන් වේදනා වින්දේය)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 2:8
12 හුවමාරු යොමු  

ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.


මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.


දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.


එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;


ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද,


දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති. දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.


මාගේ එදිරිකරුවන් ඔබේ වචනය නොසලකන නිසා මම කෝපාග්නියෙන් දැවෙමි.


මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.


සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.


ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්