Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 පේත්‍රැස් 1:10 - Sinhala New Revised Version 2018

10 එබැවින් සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැබීම ද තහවුරු කරන පිණිස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැබීම ද තහවුරු කරන පිණිස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 පේත්‍රැස් 1:10
31 හුවමාරු යොමු  

එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.


එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු.


එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.


මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.


මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.


එබැවින් ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද,


කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”


මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.


ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය.


දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.


දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!


මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”


මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.


ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.


අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.


ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.


මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”


දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක.


මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි.


උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය.


එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න.


ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,


ඉන්පසු ඔව්හු ජෝෂුවා වෙත පෙරළා පැමිණ ඔහුට කතා කොට, “සෙනඟ සියලු දෙනා නොයත්වා, දෙතුන් දහසක් පමණ සෙනඟ ගොස් ආයි නගරයට පහර දෙත්වා. ඒ නගරයේ සිටින්නේ ස්වල්ප දෙනෙකු නිසා, සකල ජනයා එහි යැවීමෙන් ඔවුන් වෙහෙසට පත් කරන්නට වුවමනාවක් නැතැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්