Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:23 - Sinhala New Revised Version 2018

23 හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුමුත් මෝඩවූ අඥානවූ විවාදවලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:23
7 හුවමාරු යොමු  

මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.


එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.


තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ.


අභක්තික මිථ්‍යා කථා ද, මැහැලියන්ගේ ප්‍රලාප ද නොතකා, දේව භක්තිය සඳහා ව්‍යායාම කරන්න.


ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණිස ය.


ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්