Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:8 - Sinhala New Revised Version 2018

8 මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්‍යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්‍යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මා ඔබට අණ කරනවා නො වේ. අන් අයගේ දැඩි උනන්දුව සසඳමින්, ඔබේ ප්‍රේමයේ අව්‍යාජත්වය පරීක්ෂා කර බලනවා පමණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:8
19 හුවමාරු යොමු  

මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි.


තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු.


එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.


පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු.


ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.


අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!


එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු.


ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.


සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.


මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.


අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි.


සෙසු අයට සමිඳාණන් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකෙරේ වා.


ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්