Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 5:18 - Sinhala New Revised Version 2018

18 සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමන්වහන්සේට අප සමඟි කර ගත්තාවූ ද සමඟි කිරීමේ මෙහෙයය අපට බාර දුන්නා වූ ද දෙවියන්වහන්සේගෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:18
29 හුවමාරු යොමු  

ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය.


අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.


මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය.


අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.


“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.


ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.


විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.


ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.


උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.


ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.


සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?


ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න.


“ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”


ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.


අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.


ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන් ය. සියල්ල දෙවියන් වහන්සේගෙන් ය.


එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්