Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 3:10 - Sinhala New Revised Version 2018

10 කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඇත්තෙන්ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත්ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 3:10
11 හුවමාරු යොමු  

එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත;


එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.


“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?


රජතුමෙනි, ඉර මුදුන් වේලෙහි මා ද මා සමඟ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි.


පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද?


අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද?


“මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක.


එහි රාත්‍රියක් තවත් නොවන්නේ ය. පහන් ආලෝකය වත්, සූර්යාලෝකය වත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද, දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හු සදහට ම රජකම් කරන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්