Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 13:3 - Sinhala New Revised Version 2018

3 එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වලව නො ව ඔබ අතරේ බලවත්ව සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට නුඹලා ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ නුඹලා කෙරෙහි දුර්වලව නොව නුඹලා අතරෙහි බලවත්ව සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 13:3
14 හුවමාරු යොමු  

කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.


සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, අපෝස්තුළුවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.


මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.


යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය.


ඔබෙන් වැඩිදෙනා ඒ තැනැත්තාට කර ඇති දඬුවම සෑහේ.


ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.


සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන.


ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්