Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 11:21 - Sinhala New Revised Version 2018

21 මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 මා මෙය කිය යුතු ය; එසේ කිරීමට අප හුඟක් දුර්වල වීම ගැන ලජ්ජා වෙමි. එහෙත් යම් කෙනකු යම් දෙයක් ගැන පාරට්ටු කර ගැනීමට එඩිතර වේ ද, ඒ ගැන මටත් පාරට්ටු කර ගැනීමට හැකි වග මා කියන්නේ අඥානයකු ලෙස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 11:21
8 හුවමාරු යොමු  

‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.


සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.


මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.


ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු.


මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්