Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:7 - Sinhala New Revised Version 2018

7 ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:7
13 හුවමාරු යොමු  

උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.


නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.


දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ; එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති.


දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.


එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.


පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.


හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.


ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.


එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය.


ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්