Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:20 - Sinhala New Revised Version 2018

20 සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන්ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන්ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 සාලමොන් රජුගේ පානපාත්‍රා සියල්ලම රනින් වූයේය, ලෙබනොන් වනය නම් ගෘහයෙහි සියලු භාජනත් පවිත්‍ර රනින් විය. සාලමොන්ගේ දවස් වලදී රිදී අගයක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:20
9 හුවමාරු යොමු  

නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය.


හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?


තවද, රජ ජෙරුසලමෙහි රිදී ගල් මෙන් ද, කිහිරි ලී පහත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩිවන්නට සැලැස්සුවේ ය.


සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.


එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි.


පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.


මන්ද, හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබිණි. ඒ තර්ෂිෂ් නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්