Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 6:26 - Sinhala New Revised Version 2018

26 “ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 “ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන බැවින් ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්හරින්නෝ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:26
20 හුවමාරු යොමු  

ඔබ ස්වර්ගයෙහි සිට එය අසා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපය කමා කොට, ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.


වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්,


තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


“මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි.


“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”


නුඹලාගේ අහංකාර බලය මම බිඳදමමි. අහස යකඩ මෙන් ද පොළොව ලෝකඩ මෙන් ද වියළෙනු ඇත.


සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර,


ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත.


ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.


තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්