Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:23 - Sinhala New Revised Version 2018

23 ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔබ ස්වර්ගයෙහි සිට අසා වදාරමින්, දුෂ්ටයාට ප්‍රතිඵල දී, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:23
13 හුවමාරු යොමු  

පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.


විනාශකාරයා බබිලෝනිය විනාශ කරන්නට පැමිණ සිටියි. බබිලෝනියේ හේවායන් අසු වී ඇත. ඔවුන්ගේ දුනු කඩා කැබලි කරනු ලැබී ය. සමිඳාණන් වහන්සේ නපුරට විපාකය දෙන දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ බබිලෝනියට යුතු ලෙස විපාක දෙන සේක.


දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.


කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.


ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.


එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.


“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.


ඔහු ඈට වතුර බොන්නට සැලැසූ පසු, ඈ දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධ ව වරදක් කර ඇත්නම්, ඒ වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවමින්, ඇගේ බඩ ඉදිමී, ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඈ ද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නී ය.


ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.


“යමෙකු තමාගේ අසල්වැසියාට විරුද්ධ ව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු අවුත් මේ ගෘහයේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළහොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්