Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 4:4 - Sinhala New Revised Version 2018

4 ඒ පොකුණ ගව රූප දොළොසක් පිට තැබී ය. රූප තුනක් උතුරු දෙසට ද තුනක් බටහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒවාට උඩින්, ඒවා පිට, විය. ඒවායේ පසුපස කොට්ඨාශ සියල්ල ම ඇතුළට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඒ පොකුණ ගව රූප දොළොසක් පිට තැබී ය. රූප තුනක් උතුරු දෙසට ද තුනක් බටහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒවාට උඩින්, ඒවා පිට, විය. ඒවායේ පසුපස කොට්ඨාශ සියල්ල ම ඇතුළට තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඒක ගවරූප දොළොසක් පිට තබා තිබුණේය. තුනක් උතුරු දෙසටද තුනක් බටහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. මුහුද ඒවාට උඩින් ඒවා පිට තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 4:4
10 හුවමාරු යොමු  

නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි.


ඔබ අපෝස්තුළුවරුන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය.


එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.


උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල මානව සංහතියට සුබ අස්න දේශනා කරන්න;


මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.


වතුර පොකුණ ගව රූප දොළොසක් පිට තබා තිබිණි. තුනක් උතුරු දෙසට ද තුනක් බස්නාහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒ රූපවලට උඩින් ඒවා පිට තබා තිබිණි. රූපවල පිටුපස කොටස් සියල්ල ම ඇතුළට විය.


එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි.


එහි ඝනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය කුසලාන් ගැටියක හැඩේට මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබිණි. එහි වතුර ප්‍රමාණය ලීටර් හැටදහසක් පමණ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්