Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 35:13 - Sinhala New Revised Version 2018

13 ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 35:13
11 හුවමාරු යොමු  

ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී ඔබ එය පුළුස්සා අනුභව කර, උදය කාලයේ ආපසු හැරී ඔබේ කූඩාරම්වලට යා යුතු ය.


යම්කිසි මැටි බඳුනක එය පිසිනු ලැබුවේ නම්, එම බඳුන බිඳිය යුතු ය. එය පිසිනු ලැබුවේ ලෝකඩ බඳුනක නම්, එම බඳුන මැද, වතුරෙන් සේදිය යුතු ය.


අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්‍යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න;


මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.


‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, පූප කූඩයෙන් එක නුමුහුන් පූපයකුත්, එක නුමුහුන් තුනී පූප පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.


ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පිය වංශ බෙදීම්වල හැටියට දීමට වෙන් කළෝ ය. ගවයින්ටත් එසේ ම කළෝ ය.


ඉන්පසු ඔව්හු තමන්ටත්, පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය. මන්ද, ආරොන්ගේ පුත්‍රයන් වූ පූජකයෝ දවන යාග පූජා ද තෙල් ද රෑ වන තුරු ඔප්පු කරමින් සිටියහ. ලෙවීවරු තමන්ටත්, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය.


ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්