2 ලේකම් 34:9 - Sinhala New Revised Version 20189 ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඔව්හු උත්තම පූජකයාවූ හිල්කියා ළඟට පැමිණ, දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ, දොරටුපාලයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන්ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරුව සිටිය සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන්ද සියලු යූදාවරුන්ගෙන්ද බෙන්යමින්වරුන්ගෙන්ද යෙරුසලමේ වාසීන්ගෙන්ද එකතුකර ගත්තාවූ මුදල් භාරගෙන, පරිච්ඡේදය බලන්න |
මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.
එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන කාණ්ඩයේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.