Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 33:24 - Sinhala New Revised Version 2018

24 ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ම රජ මැදුරේ දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ම රජ මැදුරේ දී ඔහු මැරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 33:24
10 හුවමාරු යොමු  

එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


එහෙත්, දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධ ව මන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය.


යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.


මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.


ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්