Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:30 - Sinhala New Revised Version 2018

30 මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:30
11 හුවමාරු යොමු  

රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න.


මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, “අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ.


හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය.


මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.


දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.


නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය.


මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්