Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:17 - Sinhala New Revised Version 2018

17 “තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:17
16 හුවමාරු යොමු  

හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්,


මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද?


එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.


එවිට සන්බලට් තෙම ඒ අයුරින් ම සිය සේවකයා අත විවෘත ලිපියක් පස් වන වරට මා වෙත එවුවේ ය.


මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.


නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද? නුඹ මොරගැසුවේත්, නුඹ රවා බැලුවේත් කවරෙකුට විරුද්ධ ව ද? ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව ය.


හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා,


“කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා,


මාගේ අතින් ඔබ හැම ගළවන්න ඔබේ දෙවියන්ට පුළුවන් වන ලෙස, මාගේ පියවරුන් වනසා ලූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්න පුළුවන් වූයේ කාට ද?


ඔහුගේ නිලධාරීහු දෙවි සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ මෙහෙකරු වන හෙසකියාටත් විරුද්ධ ව තවදුරටත් කතා කළෝ ය.


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,


මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්