Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:21 - Sinhala New Revised Version 2018

21 ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ පූප මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 යෙරුසලමෙහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, ස්වාමීන්වහන්සේට දවසින් දවස ප්‍රශංසාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:21
22 හුවමාරු යොමු  

දවස් හතක් තුළ ඔබ නුමුහුන් පූප අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය.


“සත් දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් පූප අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.


සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.


තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් පූප කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද


පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් පූප මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය.


පාස්කුව නම් වූ නුමුහුන් පූප මංගල්‍යය ළං විය.


එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.


මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය.


ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.


සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය.


මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් පූප මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය.


එසේ වුවත්, ආෂෙර්හි ද මනස්සේහි ද සාබුලොන්හි ද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝ ය.


එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ පූප මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.


විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.


හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.


ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්