Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 30:16 - Sinhala New Revised Version 2018

16 ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තමුන්ගේ පිළිවෙළින් තමුන්ගේ ස්ථානවල සිටියෝය. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:16
8 හුවමාරු යොමු  

ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.


එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියන ලද ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ අනුව යන හැටියටත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා පද ද පනත් ද තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු ආත්මයෙන් ද පවත්වන හැටියටත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේ ය.


ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි.


ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


මාර දූතයා ඔවුන්ගේ කුලුඳුලන් විනාශ නොකරන පිණිස, ඔහු පාස්කුව හා ලේ ඉසීම ද ඇදහිල්ලෙන් පැවැත්වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්