Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:10 - Sinhala New Revised Version 2018

10 මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නුමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:10
18 හුවමාරු යොමු  

එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.


මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත.


තවත් අය අපහාස හා කස පහරවලට ද විලංගු සහ හිර අඩස්සියට ද මුහුණ පෑ හ.


මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.


සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.


පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙ‍වදන් අසා උන් වහන්සේට සරදම් කළහ.


ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ.


මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි; එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි. අනේ! දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!


මාගේ කල දවස, දුවන පණිවුඩකාරයෙකුට වඩා වේගයෙන් ගෙවෙයි. එය හොඳක් නොදැක පලා යයි.


එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.


ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.


ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන,


එවිට ශෙදෙකියා කතා කරමින්, “බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්