Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:27 - Sinhala New Revised Version 2018

27 ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:27
11 හුවමාරු යොමු  

ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.


ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.


දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.


මෙසේ මනස්සේ මියගිය පසු ඔහුගේ ගෙදර සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.


උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:


ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.


ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය.


ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය.


හෙසකියා වයස අවුරුදු විසිපහේ දී රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබියා ය. ඈ ශෙකරියාගේ දුවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්