Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:20 - Sinhala New Revised Version 2018

20 එහෙත්, අමශියා ඇහුම්කන් නුදුන්නේ ය. ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙත හැරුණු බැවින්, ඔවුන් පාවා දෙන පිණිස එය දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, අමශියා ඇහුම්කන් නුදුන්නේ ය. ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙත හැරුණු බැවින්, ඔවුන් පාවා දෙන පිණිස එය දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:20
10 හුවමාරු යොමු  

ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.


මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත්‍ර වූ ජෙරොබෝවම්ට දෙන ලද තමන්ගේ පණිවුඩය ඉෂ්ට කරන පිණිස ඒ කරුණු එලෙස උන් වහන්සේගෙන් විය.


තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


‘මෙන්න, මම ඒදොම්වරුන්ට පහර දුන්නෙමි’යි ඔබ කියයි. ඔබේ සිත ද පාරට්ටු කරගන්න පිණිස අහංකාර වී තිබේ. ගෙදර සිටින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජුට කියා හැරියේ ය.


මෙසේ ඉශ්රායෙල්හි රජ වන ජෝවාෂ් පිටත් ව ගියේ ය. ඔහු ද ජුදාහි රජ වූ අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී මුණ ගැසුණෝ ය.


මෙසේ රජ තෙම සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ට කිය වූ ස්වකීය වචනය ඉෂ්ට කරන පිණිස ඒ කාරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්