Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:15 - Sinhala New Revised Version 2018

15 එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:15
10 හුවමාරු යොමු  

දිගායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.”


අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.


නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;


දාවිත් දිගායු වළඳා මහලු වූ විට තමාගේ පුත් සලමොන් ඉශ්රයෙල්වරුන්ගේ රජ කොට පත් කෙළේ ය.


ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.


මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය.


වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.


ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය.


ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්