Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 23:18 - Sinhala New Revised Version 2018

18 තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 23:18
13 හුවමාරු යොමු  

කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ.


තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.


තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,


හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී.


එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැඟිට සෙනඟට ආශීර්වාද කළෝ ය. ඔවුන්ගේ හඬ අසනු ලැබී ය. ඔවුන්ගේ යාච්ඤාව උන් වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.


පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.


හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.


ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය.


ඔව්හු මුහුන් නොදැමූ පූප මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්