Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 22:6 - Sinhala New Revised Version 2018

6 ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔහු සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව සටන්කරන අතර රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හිදී සුවකරවාගන්න පිණිස ඔහු හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් රෝගාතුරව සිටි බැවින් ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 22:6
8 හුවමාරු යොමු  

ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.


එහෙත්, ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන අතර සිරියන්වරුන් විසින් තමාට කරන ලද තුවාළ සුව කරගන්න පිණිස ජෙශ්‍රෙයෙල්ට හැරී අවුත් සිටියේ ය. තවද, ජේහු කතා කොට, “ඔබ කැමැති නම් ජෙශ්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාට වත් ගැළවී යන්න ඉඩ නොදෙන්නැ”යි කියා


ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.


ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය.


ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය.


ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.


ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්