Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 2:7 - Sinhala New Revised Version 2018

7 ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:7
9 හුවමාරු යොමු  

ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.


ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.


දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.


මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලැති දෙවිඳුන්ගෙන් ය. එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්ත ය. ඒවා නිරතුරු සාර්ථක වනු ඇත.


සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.


ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්