Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 13:19 - Sinhala New Revised Version 2018

19 අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රෝන් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 13:19
11 හුවමාරු යොමු  

ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.


සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,


ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.


ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.


ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.


එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.


එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.


මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.


මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය.


තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය.


ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්