Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 9:19 - Sinhala New Revised Version 2018

19 සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “දිවැස් ඇත්තා මම වෙමි; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද නුඹලා අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ නුඹ යන්ට හරින්නෙමි, නුඹේ සිතේ තිබෙන සියල්ලද නුඹට දන්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 9:19
4 හුවමාරු යොමු  

තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය.


“එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.


එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “දිවැස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය.


තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්