Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 4:1 - Sinhala New Revised Version 2018

1 සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:1
14 හුවමාරු යොමු  

ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්‍-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය.


ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්‍-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.


මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.


“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද


අපෙක්හි රජ; ලෂ්-ෂාරොන්හි රජ;


දකුණු දිශාවේ ද සීදොන්වරුන්ට අයිති වූ මෙයාරාහි පටන් අපෙක් දක්වා අමෝරිවරුන්ගේ සීමාව තෙක් කානානිවරුන්ගේ මුළු දේශයත්,


ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද


උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය.


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ ”


පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.


සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: “මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය.


පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්හ. පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට සැරසී, දරුණු ලෙස සටන් කළ පසු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට පරාජය වූ හ. ඔව්හු යුද්ධ භූමියේ සේනාවෙන් මිනිසුන් හාරදාහක් පමණ මැරූහ.


පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය.


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, “මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්