Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 29:9 - Sinhala New Revised Version 2018

9 ආකීෂ් පිළිතුරු දෙමින්, “මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ආකීෂ් පිළිතුරු දෙමින්, “මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් නුඹ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු–ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 29:9
5 හුවමාරු යොමු  

මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.


ඔබේ සේවකයා වන ජෝවාබ් මෙසේ කෙළේ, ඒ කාරණය අන් මඟකට හරවන පිණිස ය. එහෙත්, මිහි පිට සියල්ල දැනගැනීමට මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමාන ය”යි කීවා ය.


එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”


එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.


එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්