Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 29:10 - Sinhala New Revised Version 2018

10 එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැඟිට එළිය වැටෙද්දී ම පිටත් ව යන්නැ”යි දාවිත්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැඟිට එළිය වැටෙද්දී ම පිටත් ව යන්නැ”යි දාවිත්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එබැවින් නුඹ සමඟ ආ නුඹේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැගිට එළිවන කොටම පිටත්වෙන්නැයි දාවිත්ට කීවේය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 29:10
8 හුවමාරු යොමු  

තවද දාවිත්, පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධ ව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙක් ද ඔහුට එකතු වුණෝ ය. එහෙත්, ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝ ය. මන්ද, පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණය කොට, “ඔහු අප අන්තරායට පමුණුවන ලෙස තම ස්වාමියා වූ සාවුල්ට එකතුවනු ඇතැ”යි ඔහු යන්න හැරියෝ ය.


මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.


පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.


එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වන තෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ.


තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.


මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්