Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 28:21 - Sinhala New Revised Version 2018

21 ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඒ ස්ත්‍රී සාවුල් ළඟට ඇවිත්, ඔහු ඉතා කැළඹී සිටි බව දැක ඔහුට කථාකොට: ඔබගේ දාසීවූ මම ඔබගේ හඬට කීකරුව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී වචන ඇසීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 28:21
6 හුවමාරු යොමු  

ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය.


මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය.


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


එවිට සාවුල් එකෙණෙහි ම බිම වැතිර සාමුවෙල් කී දේ නිසා අතිශයෙන් බියට පත් විය. ඔහු එදා මුළු දවාලෙහි වත්, රාත්‍රියෙහි වත් කෑම නොකෑ නිසා දුර්වල ව සිටියේ ය.


ඒ නිසා දැන් ඔබේ දාසී කියන දේ අසා ඔබ ඉදිරියෙහි කෑම තබන්නට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇති වන පිණිස කෑම කනු මැනවැ”යි කීවා ය.


මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්