Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 26:24 - Sinhala New Revised Version 2018

24 ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඉතින් අද දවසේ ඔබගේ ප්‍රාණය මට උතුම්ව පෙනුණාක් මෙන් මාගේ ප්‍රාණයද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි උතුම්ව පෙනේවා, උන්වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 26:24
17 හුවමාරු යොමු  

දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.


“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.


හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත.


“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.


එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.


එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.


පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.


මාගේ සවි ශක්තිය වන සමිඳාණන් වහන්ස, මම ඔබට ප්‍රේම කරමි;


සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”


පිලිස්තිවරුන්ගේ අධිපතීහු වරින් වර සටනට පැමිණියහ. ඔවුන් පැමිණි සෑම අවස්ථාවක දී ම දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා උසස් ලෙස ජය ගත්තේ ය. ඒ නිසා ඔහු ඉතා කීර්තිමත් කෙනෙක් විය.


දාවිත් මේ වචන සාවුල්ට කියා නිම කළ පසු සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔය ඔබේ හඬ ද?” කියා ශබ්ද නඟා හැඬුවේ ය.


දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි:


එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්