Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:7 - Sinhala New Revised Version 2018

7 දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල්ද: දෙවියන්වහන්සේ ඔහු මා අතට පාවාදුන්සේක; මක්නිසාද ඔහු වාසල් දොරවල්ද අගුල්ද ඇති නුවරකට ඇතුල්වීමෙන් අසුවුණේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:7
12 හුවමාරු යොමු  

දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.


සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”


‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.


අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒපොද් සැට්ටයක් ඇති ව ආයේ ය.


දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.


සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්