Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 20:24 - Sinhala New Revised Version 2018

24 ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:24
12 හුවමාරු යොමු  

වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.


අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.


දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.


දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.


කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.


තවද, ඔවුන් කෑවේත්, බීවේත් ඔවුන්ගේ ම සන්තුෂ්ටිය උදෙසා නොවේ ද?


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”


වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි.


දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්