Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 19:24 - Sinhala New Revised Version 2018

24 ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 19:24
10 හුවමාරු යොමු  

දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.


දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.


එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය.


“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.


දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.


ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, “මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ.


එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය.


ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.


පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්