1 සාමුවෙ 14:40 - Sinhala New Revised Version 201840 එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 එවිට ඔහු: නුඹලා එක පක්ෂයක සිටින්න, මමද මාගේ පුත්‍රවූ යොනාතාන්ද අනික් පක්ෂයේ සිටිමුයයි සියලු ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. ඔබට යහපත්ව පෙනෙන දෙයක් කළමැනවයි සෙනඟ සාවුල්ට කීවෝය. පරිච්ඡේදය බලන්න |
සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.