Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 14:16 - Sinhala New Revised Version 2018

16 බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 බෙන්යමින් ගිබියාහි සාවුල්ගේ රැකවල්ලු බැලූ විට ඒ සමූහයා අඩුවෙවී ඔබ මොබ විසිර යනවා දුටුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:16
8 හුවමාරු යොමු  

ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!


සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.


කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.


එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.


එවිට සාවුල් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද යුද්ධය සඳහා පැමිණියෝ ය. පිලිස්තිවරුන් අතරේ මහත් වියවුලක් තිබුණ බව ඔව්හු දුටුවෝ ය. එක එක මිනිසා තම තමාගේ කඩුවෙන් තම තමා ළඟ සිටි තැනැත්තාට පහර දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්