1 සාමුවෙ 12:20 - Sinhala New Revised Version 201820 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 සාමුවෙල් සෙනඟට කථාකොට: භයනොවන්න. නුඹලා ඇත්තෙන්ම මේ මුළු වැරුද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර නුඹලාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේට සේවයකරන්න; අහක්ව නොයන්න. පරිච්ඡේදය බලන්න |
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.