Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 12:14 - Sinhala New Revised Version 2018

14 ඔබ සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි නොගසා, උන් වහන්සේට බිය ව වැඳුම්පිදුම් කොට, උන් වහන්සේගේ හඬට කීකරු ව සිටින්නහු නම්, ඔබ කෙරෙහි රජකම් කරන රජුත්, ඔබ හැමත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අනුව යන්නහු නම්, ඔබට ශුභසිද්ධ වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔබ සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි නොගසා, උන් වහන්සේට බිය ව වැඳුම්පිදුම් කොට, උන් වහන්සේගේ හඬට කීකරු ව සිටින්නහු නම්, ඔබ කෙරෙහි රජකම් කරන රජුත්, ඔබ හැමත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අනුව යන්නහු නම්, ඔබට ශුභසිද්ධ වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹලා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේට භයව උන්වහන්සේට සේවයකොට උන්වහන්සේගේ හඬට කීකරුව සිටිනවානම්, නුඹලාත් නුඹලා කෙරෙහි රජකම්කරන රජුත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පස්සේ යනවානම්, යෙහෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 12:14
11 හුවමාරු යොමු  

“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.


ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය; ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.


ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.


නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.


සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.


ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.


ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.


සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක. එහෙත්, මිසර වැසියෝ එතුමාණන්ගේ අණට කීකරු නො වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්