Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 9:1 - Sinhala New Revised Version 2018

1 මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:1
22 හුවමාරු යොමු  

ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.


ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.


සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.


ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.


ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.


බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:


තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්:


තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. සෙසු කොටස් නුවරවල වාසය කළෝ ය.


එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.


නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය.


වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද


දකුණු දිශාවේ නගර වටලා ඇත; ඒවාට පිවිසෙන්නට කිසිවෙකුට නොහැකි ය. මුළු ජුදා රට වහල්කමට ගෙන ගොස් ඇත; සහමුලින් ම එසේ ගෙන ගොස් ඇත.


තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්